මාධ්‍ය ආයතනයකට එරෙහිව ලාල් කාන්තගෙන් එන්තරවාසියක්.

වත්කම් බැරකම් ප්‍රකාශය විකෘති කරමින් තම චරිතයට හානි වන පරිදි පුවතක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රු. බිලියන 10ක වන්දි මුදලක් ඉල්ලා ඇමති ලාල්කාන්තගෙන් මාධ්‍ය නාලිකාවකට එන්තරවාසියක්!

by Staff writer 18-04-2026 | 2:56 PM

COLOMBO (News 1st) - රුපියල් බිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත, මාධ්‍ය ආයතනයකට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබේ.

ඒ, සිය චරිතයට හානි වන පරිදි අදාළ මාධ්‍ය ආයතනය ප්‍රචාරය කළ පුවතක් පදනම් කරගනිමිනි.

සිය වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සමාජගත කර, සිය කීර්තිනාමයට සහ ඉදිරි දේශපාලන ගමනට බාධා වන සේ රූප සහ මාධ්‍ය වචන යොදා ගනිමින් අදාළ මාධ්‍ය ආයතනය, මාධ්‍ය අවභාවිත කිරීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.