.webp)

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ, පෙට්‍රල් වාහන සඳහා පෙර පැවති ඉන්ධන කෝටාව ඒ අනුව යළි සක්‍රීය වන බවයි.
උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට අද(18) මධ්‍යම රාත්‍රිය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබී ය.
ඒ ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට යටත්වයි.
එහෙත් ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මක විය.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය වනු ඇති.
