දික්ඕවිට වරායට රැගෙන ආ යත්‍රාවේ හෙරෝයින්

දික්ඕවිට වරායට රැගෙන ආ යත්‍රාවේ මළුවල හෙරෝයින් තිබෙන බවට තහවුරු වෙයි.

by Staff writer 17-04-2026 | 10:05 AM

COLOMBO(News1st) - මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදි නාවික  හමුදා භාරයට ගත්  බහුදින ධිවර යාත්‍රාව අද(17) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ,  එම යාත්‍රාවේ සැකකරුවන් 04 දෙනෙකු ද සිටින බවයි.

මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු එම බහුදින ධීවර යාත්‍රාව  ඊයේ මෙරටට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදි නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එම බහුදින ධීවර යාත්‍රාවේ මලුවල හෙරෝයින් තිබෙන බවට තහවුරු වී

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, එම යාත්‍රවේ මළු 6ක පැකැට් 150ක බහා හේරෝයින් තිබු බවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදි  නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධිවර යාත්‍රාව අද(17) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබීය.

නාවික හමුදාව සඳහන් කළේ  එම යාත්‍රාවේ  සැකකරුවන් 04 දෙනෙකු ද සිටින බවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු එම බහුදින ධීවර යාත්‍රාව  ඊයේ මෙරටට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදි නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

දිගු දුර මෙහෙයුම් නෞකා මඟින් ,සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම ධීවර යාත්‍රාව සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේය