දැදුරු ඔයේ ගිලී මියගිය සංඛ්‍යාව, 6ක් දක්වා ඉහළට

දැදුරු ඔයේ ගිලී අතුරුදන්වූ තවත් 4 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ..

by Staff writer 17-04-2026 | 10:35 AM

COLOMBO(News1st) - කොබෙයිගනේ, ඇඹලයාගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන්වූ තවත් 4 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ඒ අනූව එහිදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, හයක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

අතුරුදන්වූ අනෙක් දෙදෙනා සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම්, අඛණ්ඩ මෙහෙයුම්වල නිරත වේ.

ඊයේ පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු එලෙස අනතුරට ලක් විය.

එම අවස්ථාවේම දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව, පොලීසිය සඳහන් කළා.

මුදා ගත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පොලීසිය පැවසුවේ, එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.