ගල් අඟුරු සමාගමේ කාර්යාලයට තවදුරටත් මුද්‍ර තැබේ

ගල් අඟුරු සමාගමේ කාර්යාලයට තවදුරටත් මුද්‍ර තැබේ

by Staff writer 16-04-2026 | 6:38 AM

COLOMBO(News1st) - ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට තවදුරටත් මුද්‍ර තබා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෛනිකව සිදු කළ යුතු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් අවසර දී ඇති බවයි.

එම කටයුතු සිදු වන්නේ ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන්.

ලංකා ගල් අඟුරු සමාගමේ කොහුවල පිහිටි ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබුවේ, පසුගිය 11 වැනිදායි.

2009 සිට ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කිරීමත් සමග ඊට මුද්‍රා තැබුණා.

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු, එම කාර්යාලයේ ආරක්ෂාවට පැය 24 පුරා යොදවා තිබේ.