.webp)
-614388.jpg)
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන බාධා හමුවේ ලෝක ආර්ථිකය දැනටමත් ඉතා දුර්වල මට්ටමක පවතින "අහිතකර තත්ත්වයක්" කරා ඉතාමත් වේගයෙන් ගසාගෙන යමින් පවතින බවට IMF අනතුරු අඟවයි.
IMF සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර නිකුත් කළ මෙම නවතම වාර්තාව මගින් *ලෝක ආර්ථිකයේ අනාගතය පිළිබඳව අවස්ථා තුනක් (Scenarios) පෙන්වා දී ඇත.
1. මූලික පුරෝකථනය (පවතින තත්ත්වය):
මෙහිදී මැදපෙරදිග ගැටුම කෙටි කාලීන එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව 2026 වසර සඳහා ගෝලීය වර්ධන වේගය 3.1% ක් වනු ඇත. තෙල් මිල වසර අවසානයේදී බැරලයකට ඩොලර් 82 මට්ටමට ස්ථාවර වනු ඇතැයි මෙහිදී උපකල්පනය කර ඇත. කෙසේ වෙතත්, IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවියර් ගුරින්චාස් පවසන්නේ මෙම මූලික පුරෝකථනය දැනටමත් යල් පැන ගොස් තිබිය හැකි බවයි.
2. අහිතකර තත්ත්වය (Adverse Scenario):
ගැටුම දිගු කාලයක් පැවතීම නිසා තෙල් මිල බැරලයකට ඩොලර් 100 මට්ටමේ පවතින අතර ගෝලීය වර්ධන වේගය 2.5% දක්වා පහත වැටේ. IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවියර් ගුරින්චාස් පවසන්නේ ලෝකය දැනටමත් මෙම තත්ත්වය දෙසට ඉතා වේගයෙන් ගසාගෙන යමින් පවතින බවයි.
3. බරපතල තත්ත්වය (Severe Scenario):
යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වී ගැඹුරු වුවහොත්, තෙල් මිල බැරලයකට ඩොලර් 110 සිට ඩොලර් 125 දක්වා ඉහළ යා හැකිය. මෙහිදී ගෝලීය වර්ධනය 2.0% දක්වා ඇද වැටෙන අතර එය ලෝකය දරුණු ආර්ථික පසුබෑමකට (Recession) ගෙන යාමට සමත් වනු ඇත.
චීනය:
බලශක්ති පිරිවැය ඉහළ යාම, නිවාස අංශයේ පවතින අර්බුදය සහ ශ්‍රම බලකාය අඩුවීම හේතුවෙන් චීනයේ වර්ධනය 2026 දී 4.4% දක්වා පහත හෙළා ඇත. 2027 වසරේදී එය තවදුරටත් 4.0% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
*ජපානය:*
වර්ධනය ඉතා මන්දගාමී මට්ටමක පවතී. 2026 දී 0.7% ක් සහ 2027 දී 0.6% ක වර්ධනයක් පුරෝකථනය කර ඇත. මෙහිදී පොලී අනුපාත වේගයෙන් ඉහළ දැමීමට ජපාන මහ බැංකුවට සිදුවනු ඇත.
යුරෝපා කලාපය:
රුසියානු-යුක්‍රේන යුද්ධයෙන් දැනටමත් පීඩා විඳින යුරෝපයට මැදපෙරදිග ගැටුමෙන් තවදුරටත් දැඩි බලපෑම් එල්ල වේ. ඒ අනුව යුරෝපා කලාපයේ වර්ධන වේගය 1.1% දක්වා අඩු කර ඇත.
*ඇමරිකා එක්සත් ජනපදය:
ඉහළ බලශක්ති පිරිවැය හමුවේ වුවද, AI තාක්ෂණික ආයෝජන සහ බදු සහන හේතුවෙන් ඇමරිකාවේ වර්ධනය 2.3% ක මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
ඉන්දියාව:
නැගී එන වෙළඳපොළවල් අතර ඉන්දියාව සාපේක්ෂව යහපත් මට්ටමක පවතින අතර, එහි වර්ධනය 6.5% ක ඉහළ අගයක පවතිනු ඇතැයි IMF පවසයි.
• ගෝලීය වර්ධනය:
ලෝකයේ සමස්ත වර්ධනය 3.1% දක්වා අඩු කර ඇති අතර, තත්ත්වය නරක අතට හැරුණහොත් එය 2.0% දක්වා ඇද වැටී ලෝක ආර්ථික පසුබෑමක් ඇති වනු ඇත.
