ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය...

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගමු, ජනපති අලුත් අවුරුද්ද වෙනවෙන් සුබ පැතුම් එක් කරයි...

by Staff writer 14-04-2026 | 7:33 AM

COLOMBO (News 1st) - ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීම සඳහා සියලු දෙනාට ආරාධනා කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ ලොවට පෙන්වූ අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්ධයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට අවැසි වැඩපිළිවෙළද රජය, මේ වන විට ක්‍රියාවටනංවා ඇතැයි ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.