.webp)
-614364.jpg)
ඒ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසකදියී..
අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්නගේ නව නිවසට ගෙවැදීමේ උත්සවය අද(14) පෙරවරුවේ එලෙස පැවැත්වුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ජනාධිපතිවරයා එම නිවසේ පිරිස සමග සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක්වීම විශේෂත්වයෙක්.
අලුත් අවුරුදු චාරිත්‍රවලට එක්වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය.
