.webp)
-614262.jpg)
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුදු උදාව ලෙස හැඳින්වේ.
පුරාණ සම්ප්‍රදායට අනුව අද (13) පරණ අවුරුදු දවසයි.
අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයින් පරණ අවුරුද්දේ සිය නිවෙස් පිරිසිදු කිරීම් හා අලුත් අවුරුදු කැවිලි පෙවිලි ආදිය සකසා ගැනීම සිදුකළේ ය.
ඔවුන් මේ කටයුතු සියල්ල අවසන් කරන්නේ පුණ්‍ය කාලය ලැබීමට පෙරයි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අදට යෙදී ඇත.
දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම සුදුසු බව, ජෝතිෂ්‍යයේ දැක්වේ.
පුණ්‍ය කාලය යෙදී ඇත්තේ, හෙට (14) පූර්වභාග 03.08 ට සිට අපරභාග 03.56 දක්වායි.
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා එනම් හෙට පූර්වභාග 09.32 ට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවේ.
ආහාර පීසීමේ නැකත යෙදී ඇත්තේ හෙට පූර්වභාග 10.51යි.
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දීසාව බලා ලිප් බැද ගිනි මොළවා කිරිබත්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළද ද පිළියෙල කර ගැනීම සිදුකළ යුතු බව ජෝතිෂයේ දැක්වේ.
වැඩ ඇල්ලීම, ගණුදෙනුකිරීම සහ ආහාර අනුභව නැකත හෙට අපරභාග 12.06 ට යෙදී තිබෙනවා.
.
රක්ත වර්ණ වස්ත්‍රාභාරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන්.
