ට්‍රම්ප්ගේ විවේචනයන්ට පාප් වහන්සේගෙන් ප්‍රතිචාර...

ට්‍රම්ප්ගේ විවේචනයන්ට ලියෝ පාප් වහන්සේගෙන් ප්‍රතිචාර...

by Staff writer 13-04-2026 | 10:28 PM

COLOMBO(News1st) - ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 14වන ලියෝ පාප් වහන්සේට සිදුකළ විවේචනාත්මක ප්‍රකාශයට ලියෝ පාප් වහන්සේ ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ, තමන් ට්‍රම්ප් පරිපාලනයට බිය නොවන බවත් යුද්ධයට එරෙහිව දිගටම හඬ නඟන බවයි.

පාප් වහන්සේ ඒ බව සඳහන් කර ඇත්තේ, ඇල්ජීරියාවේ සංචාරයක නිරත වීමට යන අතරතුර මාධ්‍යවේදීන් සිදුකළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින්.