කාන්තාවකට පහරදුන් විදෙස් කත රිමාන්ඩ්...

ගල්කිස්සේදී කාන්තාවකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුදෙව් ජාතික කාන්තාවක් ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ්

by Staff writer 13-04-2026 | 9:26 PM

COLOMBO(News1st) - ගල්කිස්ස ප්‍රදේශයේදී කාන්තාවකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුදෙව් ජාතික කාන්තාවක් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඇය විදෙස් ගමන් බලපත්‍ර කිසිවක් ඉදිරිපත් කර නොමැති බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි යුදෙව් ජාතික කාන්තාවකි.