සිංහල හින්දු අලුත් අවුරුද්දට සියල්ල සූදානම්!

සිංහල හින්දු අලුත් අවුරුද්දට සියල්ල සූදානම්!: පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම හෙට

by Staff writer 12-04-2026 | 7:11 PM

COLOMBO (News 1st) - සිංහල හා දෙමළ අලුත් අවුුරුද්ද උදා වීමට තවත් ඇත්තේ දින 2ටත් වඩා අඩු කාලයකි.

පුරාණ සම්ප්‍රදායට අනුව හෙට (13) පරණ අවුරුදු දවසයි.

මේ වනවිට මුළු රටටම අලුත් අවුරුද්ද වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වේ.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුදු උදාව ලෙස හැඳින්වේ.

අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයින් පරණ අවුරුද්දේ සිය නිවෙස් පිරිසිදු කිරීම් හා අලුත් අවුරුදු කැවිලි පෙවිලි ආදිය සකසා ගැනීම සිදුකරයි.

ඔවුන් මේ කටයුතු සියල්ල අවසන් කරන්නේ පුණ්‍ය කාලය ලැබීමට පෙරයි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම හෙටට යෙදී  ඇත.

දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම සුදුසු බව, ජෝතිෂ්‍යයේ දැක්වේ.

අලුත් අවුරුදු උදාව යෙදී තිබෙන්නේ ලබන අඟහරුවාදා උදෑසන 9.32ටයි.