.webp)
-614206.jpg)
COLOMBO (News 1st) - මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමද් මුයිසු ලබන මාසයේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම සංචාරයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් අතර ඇති කරගත හැකි නව සහයෝගීතා අවස්ථා පිළිබඳවද මෙරට මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් හා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අතර පැවති නිල හමුවේදී සාකච්චා කර තිබුණි.
එම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
ඒ ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ය.
මාලදිවයිනේ පවතින නැවුම් මත්ස්‍ය සම්පත සහ මෙරට දැනට දියුණුව පවතින ටින් මාලු කර්මාන්තය ඒකාබද්ධ කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්චා කර තිබේ.
ඒ මාලදිවයින් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මෙරට තුළ නිෂ්පාදන සැකසීම සහ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන නිපදවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් ය.
