කෝටි ගණනක කොකේන් කටුනායකදී අල්ලයි...

කෝටි ගණනක කොකේන් කරල් ලෙස සිරුරේ සඟවා ගෙන ආ විදෙස් කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට...

by Staff writer 12-04-2026 | 5:04 PM

COLOMBO (News 1st) - කොකේන්  මත්ද්‍රව්‍ය ඇතුළත් කරල් 2ක් සිය සිරුරෙහි සඟවා ගෙන, මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.

රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා එම කොකේන් තොගය සිරුරේ සඟවාගෙන ඇය පැමිණ තිබෙන්නේ උගන්ඩාවේ කම්පාලා නුවර සිටයි.

47 හැවිරිදි ඇය උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවකි.

ඇයගේ සිරුරේ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274 ක්  තිබූ බව රේගුව සඳහන් පවසයි.