.webp)

පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පැවසුවේ" CCTV කැමරා ඔස්සේ එම වාහන හදුනාගැනීමට කටයුතු කරන බවයි.
අධිවේගී මාර්ගවල පිවිසුම් ආසන්නයේද පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
උත්සව සමයේ ජනතාව ගම්බිම් බලා ගමන් කිරීමේදී ඇතිවන රථවාහන තදබදය අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවට දැණුම් දෙන්නේ අන්තරාදායක ලෙස රිය ධාවනය කරන්නන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක බවයි.
මෙම අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා දෙසත් ඔහු රියදුරන්ට හා පදිකයින්ට දැනුම් දෙයි.
පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මෙම අනතුරු අවම කිරීම කර ගත හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළේ, නිවුස්ෆස්ට් සංවාදයකට එක්වෙමින් ය.
එමෙන්ම රථවාහන නීති උල්ළංඝනය කිරීම් සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන පොලීසිය වෙත ඉදිරිපත් කිරීම සඳහා විශේෂ WhatsApp අංකයක්ද හඳුන්වා දී තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ 070 4755600 දුරකථන අංකය භාවිත කරමින් එය දැනුවත් කළ හැකි බවයි.
