බූස්සේ සිටි අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිකඩට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිකඩ නව බන්ධනාගාරයට

by Staff writer 11-04-2026 | 10:10 PM

COLOMBO (News 1st) - බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයින් 7 දෙනෙකු, වැලිකඩ නව බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලොකු පැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, දෙමටගොඩ චමින්ද, ආමි සම්පත්, මන්නා රමේෂ් සහ වෙලේ සුදා, එලෙස මාරු කර යවා ඇති බවයි.