කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

මිනිස් සිරුරට දැනෙන උණුසුම අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක

by Staff writer 09-04-2026 | 9:50 AM

COLOMBO(News1st) - දිවයිනේ පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(09) දිනයේත් අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු - මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.