පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට නව පත්වීම්.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 436කට ලබා දෙන සේවා ස්ථාන වෙතට අද (09) සිට වාර්තා කළ යුතුයි. - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

by Staff writer 09-04-2026 | 9:47 AM

COLOMBO(News1st) - පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම වෛද්‍යවරුන් අද(09) සිට අනිද්දා(11) දක්වා කාලය තුළ අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතුයි.

එම නවක වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින් අනුයුක්ත කිරීම සිදුකර තිබේ.

ඒ විනිවිදභාවයකින් හා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේයි.

දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් මෙම අනුයුක්ත කිරීම සිදු කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.