.webp)
-614100.jpg)
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
එම "දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ රජයේ ප්‍රතිපාදන යටතේ ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,162 ක්.
මාස 15 ඇතුළත නවීකරණ වැඩ අවසන් කිරීමට නියමිතයි.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැලසීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
ඒ අතර සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නවීන ස්වයංක්‍රීය ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධති හඳුන්වා දීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට බාධාවකින් තොරව ගමන් කළ හැකි වන පරිදි නවීන විදුලි සෝපාන සහ ගුවන් පාලම් පද්ධති ඉදි කිරීම මෙන්ම මගී ආරක්ෂාව තහවුරු කෙරෙන නව ගොඩනැගිලි සංකීර්ණ සහ උසස් ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීමද සිදුකෙරෙයි.
මගී ජනතාවට හා ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැන දෙමින්, දෛනික දුම්රිය ධාවනයට හෝ සේවාවන්ට කිසිදු බාධාවක් නොවන පරිදි මෙම නවීකරණ කටයුතු නිම කිරීමට අපේක්ෂිතයි.
මේ අතර නවීකරණය කළ ජනතා අයිතියට පත් කෙරුණු කොළඹ මධ්‍යම බස් නැවතුම්පළද අග්‍රාමාත්‍යවරිය අද නිරීක්ෂණය කළේ ය.
