.webp)
-614052.jpg)
එහි සභාපති සජීව කනකරත්න පැවසුවේ, මගීන්ගේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් අමතර බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බවයි.
එමෙන්ම අධිවේගී මාර්ග සඳහාද විශේෂයෙන් අමතර බස් රථ යෙදවීමට කටයුතු යොදා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් උත්සව සමයේ ධාවනය කරන සියලු බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබේ.
ඒ මගීන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින්.
උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින්ද විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ, ලබන 20 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි.
අධිවේගී මාර්ග හා නගරාන්තර දුර ගමන් සේවා ලෙස එම සේවා ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේය.
එළැඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාරද අද(09) සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ, එම සේවා 12 වැනිදා දක්වා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක බවයි.
අප්‍රේල් 15 සිට 20 වැනිදා දක්වා නගර වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙම දුම්රිය ධාවනය සැළසුම් කර තිබේ.
ගාල්ල, මාතර, පුත්තලම සහ අවිස්සාවේල්ල දුම්රිය මාර්ග සඳහා අමතර දුම්රිය ගමන් වාර එකතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ කොළඹ සිට මාතර, ගාල්ල, පුත්තලම, මහව සහ රඹුක්කන යන ප්‍රදේශවලට ගමන් කරන මගීන්ගේ වැඩි වීමක් අපේක්ෂා කිරීම හේතුවෙන්.
