.webp)

එම වංචාව මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බව එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.
එසේම, මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඔවුන් දැනුම් දී ඇති බව ද අදාළ නිවේදනය සඳහන් වේ.
National Development Bank PLC විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, විය හැකි මුල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර ඇති අතර, ඒ අනුව, වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, National Development Bank PLC හට, එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බවට ප්‍රකාශ කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා මහ බැංකුව බවසයි.
අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකුවලට ලබා ගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, National Development Bank PLC හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
