වත්තල, පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක්....

වත්තල, පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක්....

by Staff writer 06-04-2026 | 10:33 AM

COLOMBO (News 1st) - වත්තල මාබෝල ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ තුනක් යොමු කර ඇති බවයි.

ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ඉල්ලා ඇතැයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගින්නට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.