ලාෆ්ස් ගෑස් තොග හෙට සිට බෙදාහැරීමට පියවර

මෙට්‍රික් ටොන් 7000 ක ගෑස් තොග හෙට සිට දිවයින පුරා බෙදාහැරීමට පියවර

by Staff writer 06-04-2026 | 7:16 PM

COLOMBO(News1st) - මෙට්‍රික් ටොන් 7000 ක ගෑස් තොග හෙට සිට දිවයින පුරා බෙදාහැරීමට පියවර ගන්නා බව ලාෆ්ස් සමාගම පවසයි.

එම සමාගම වැඩිදුරටත් පැවසුවේ, දිට්වා සුළි කුණාටුවෙන් පසු වසා දමා තිබූ හම්බන්තොට පර්යන්තයට එම ගෑස් තොග රැගෙන ආ බවයි.

මේ අතර, අප්‍රේල් මාසයට අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 35,000ක අවශ්‍යතාව මේ වන විට රටට ලැබී ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, දිවයින පුරා බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.