ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙන හැටි...

ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙන හැටි...

by Staff writer 06-04-2026 | 12:05 PM

COLOMBO (News 1st) - පැලැන්වත්ත අවට ප්‍රදේශවලට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, පැලැන්වත්ත ප්‍රදේශයට අද (06) පස්වරු 8.00 සිට හෙට (07) පෙරවරු 8.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර හෝමාගම අවට ප්‍රදේශවලට ද අද පෙරවරු 8.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.