.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර , සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ , උතුරු සහ උතුරු - මැද පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.
ඒ හේතුවෙන් සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.
