ඉන්ධන ළඟ තබා ගත් සැකකරුවන් 31 අත්අඩංගුවට.

නිතී විරෝධීව ඉන්ධන ළඟ තබා ගත්තේ යැයි සැකපිට සැකකරුවන් 31 දෙනෙකු මාසයක් තුළ අත්අඩංගුවට. - පොලීසිය

by Staff writer 05-04-2026 | 5:53 PM

COLOMBO(News1st) - නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය මාර්තු 03 වනදා සිට අප්‍රේල් 02 දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදීයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, වැටලීම්වලදී ඩීසල් ලීටර 47,006ක්, පෙට්‍රල් ලීටර 2668ක් සහ භූමිතෙල් ලීටර 2706ක් අදාල සැකකරුවන් රැස්කර තිබියදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.

බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති අවස්ථාවක නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබා ගෙන සිටින පුද්ගලයින් සොයා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.