.webp)

ඒ අනුව අද හිරු මුදුන් වන්නේ, දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්ගිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ ප්‍රදේශවලටයි.
මේ අතර , බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද, අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත් වලට අද පස්වරු 2 න් පමණ පසු, ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වෙයි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
