.webp)

ලබන අප්‍රේල් මස 21 වනදා ආරම්භ විමට නියමිත ''සාම පාගමනට'' රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
ඒ ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
සාකච්ඡාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු පිරිසක් එක් සිටි අතර
Clean Sri Lanka ලේකම් කාර්යාලයේද දායකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙම සාම පාගමනට එක් වන භික්ෂූන්වහන්සේගේ දානය සහ ගිලන්පස සූදානම් කිරීම, සනීපාරක්ෂක කටයුතු මෙන්ම ආරක්ෂාව සැපයීම ඇතුළු සංවිධාන කටයුතු පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන්වහන්සේ 12 නමක් මේ මස 21වන දා මෙරටට වැඩම කිරීමට නියමිතයි.
අප්‍රේල් 22වන දා සිට අප්‍රේල් 28 වන දා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්රමුඛ පිරිස මෙම සාම පාගමනෙහි නිරත වීමට නියමිතයි.
