ඉරානයට එරෙහි මෙහෙයුම“අනාගතයට ආයෝජනයක්”-ට්‍රම්ප්

ඉරානය සමග පවතින යුද්ධය “අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්” - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 02-04-2026 | 7:51 AM

COLOMBO (News 1st) - ඉරානය සමඟ පවතින ගැටුම “අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්” ලෙස විස්තර කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතියට විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශයේදී ඔහු කියා සිටියේ, වර්තමාන යුද තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව නිවැරදි අවබෝධයක් ලබාගත යුතු බවයි.

“මෙම ගැටුම නිවැරදි පරිදි තේරුම් ගැනීම ඉතා වැදගත්,” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු, ඇමරිකාව පෙර කාලයේ සම්බන්ධ වූ ප්‍රධාන යුධ කිහිපයක කාලසීමාව සඳහන් කරමින්, වර්තමාන මෙහෙයුම ඒවාට වඩා කෙටි බව අවධාරණය කළේය.

ඒ අනුව,
    •    පළමු ලෝක යුද්ධය – අවුරුදු 1, මාස 7, දින 5
    •    දෙවන ලෝක යුද්ධය – අවුරුදු 3, මාස 8, දින 25
    •    කොරියානු යුද්ධය – අවුරුදු 3, මාස 1, දින 2
    •    වියට්නාම් යුද්ධය – අවුරුදු 19, මාස 5, දින 29
    •    ඉරාක යුද්ධය – අවුරුදු 8, මාස 8, දින 28

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඉරානය සමග පවතින මෙහෙයුම දින 32ක් පමණක් පැවති අතර, එය “දිගුකාලීන යුද්ධයක්” ලෙස සැලකිය නොහැකි බවයි.

තවද, ඇමරිකානු හමුදා විසින් ඉතා බලවත් හා කාර්යක්ෂම මෙහෙයුමක් සිදු කරමින්, ඉරානයේ යුධ හැකියාවට දැඩි බලපෑමක් සිදු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

“අපි දින 32ක් තුළ ඉතා බලවත් මෙහෙයුමක් සිදු කළා. එමගින් එම රට දැඩි ලෙස දුර්වල කර තිබෙනවා. ඔවුන් තවදුරටත් විශාල තර්ජනයක් නොවේ,” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ, “මෙය ඔබගේ දරුවන් සහ මුණුබුරන් සඳහා ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා කරන සැබෑ ආයෝජනයක්,” බවයි.