රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අද දිවයිනට....

රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අද දිවයිනට....

by Staff writer 31-03-2026 | 9:18 AM

COLOMBO (News 1st) - රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඔන්ඩේ රුඩෙන්කෝ, නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වැනි ද්විපාර්ශවික දේශපාලන උපදේශන සැසියට සහභාගී වීම සඳහා ඔහු දිවයිනට පැමිණෙන බවයි.

ඔහු අද පස්වරු 04 ට මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

එම සැසිය බ්‍රහස්පතින්දා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

මෙරට විදේශ අමාත්‍යාංශ ලේකම්වරිය සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇතුළු දෙරටේ විශේෂ නියෝජිතයින් එම සැසියට සහභාගි වීමට නියමිතයි.

එහිදී දෙරටේ ආර්ථික,දේශපාලන,සංස්කෘත,වෙළෙඳ,සංචාරක යන ක්ශේත්‍ර ගණනාවක් ගැන අනාගත අභියෝග සහ ඒවා ජය ගන්නා ආකාරය ගැන දිර්ඝ ලෙස එම සැසියේදී සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඔන්ඩේ රුඩෙන්කෝ රුසියාවේ, ආසියා පැසිෆික් කලාපය භාර නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

ඔහු සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

මේ අතර පසුගිය 26 වැනිදා දිවයිනට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දූත පිරිස ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකින් අනතුරුව පසුගිය 28 වැනිද දිවයිනෙන් පිටත්ව ගි‍යේ ය.