පරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්...

උත්සම සමයේ සමාජ මාධ්‍ය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න, පරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්...

by Staff writer 31-03-2026 | 9:58 AM

COLOMBO (News 1st) - උත්සව සමයේ සමාජ මාධ්‍ය ජාලා මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාලා මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි දුරකථන අංකය ක්‍රියා කරන්නේද යන්න සහ නිවැරදි තොරතුරු ඇතුළත් වන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව භාණ්ඩ මිලදී ගන්නා ලෙසයි.