හෙරොයින් සමග සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට.

හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට.

by Staff writer 29-03-2026 | 4:01 PM

COLOMBO (News1st): පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 642 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු 37 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සැකකටයුතු යතුරුපැදියක් පරික්ෂා කිරීමේදී මෙම හෙරායින් තොගය හමුවී ඇති අතර යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.