ගම්මැද්දෙන් සිරිසුමන විද්‍යාලයට ජල පෙරණ පද්ධතියක්

නෑගම්පහ ගම්මානයේ දරුවන්ගේ ජල ප්‍රශ්නයට ගම්මැද්දෙන් විසඳුම්: ජල පද්ධතිය අද (27) සිසු අයිතියට

by Staff Writer . 27-03-2026 | 9:12 AM

COLOMBO (News 1st) - ගම්මැද්ද තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ නෑගම සිරිසුමන විද්‍යාලයේ ඉදි කෙරුණු ජල පෙරණ පද්ධතිය අද(27) සිසු අයිතියට පත් කිරිමට නියමිතව තිබේ.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ දරුවන් 165ක් පමණ අධ්‍යාපනය ලබන එම සිරිසුමන විද්‍යාලය අයත් නෑගම්පහ ගම්මානයේ පවුල් 170 කට අධික සංඛ්‍යාවක් ජීවත් වේ.

පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සිහිනයක්ව පැවති ඔවුන් වෙනුවෙන් එම ප්‍රති ආශ්‍රැත ජල පෙරණ පද්ධතිය ඉදි කිරීමට මුල් ගල තැබුණේ කැපිටල් මහ රාජා සමූහයේ හිටපු සභාපති, ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර්.රාජමහේන්ද්‍රන්ගේ ජන්ම දිනය දායි.

එම ව්‍යාපෘතිය ඉදිකෙරුණේ ශ්‍රි ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෙන්.

මේ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේ ගම්මැද්ද පොදු අරමුදලයි.