ඉන්දීය ධීවරයින් 04ක් සමග නාවික හමුදා භාරයට..

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 04ක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට..

by Staff writer 26-03-2026 | 4:58 PM

COLOMBO (News 1st) - මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නීතී විරෝධිව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධිවරයින් 04 දෙනෙකු සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ ඩෙල්ෆ් දුපතට උතුරින් වු මුහුදේදී කළ පරීක්ෂාවකදීයි.

ඊයේ රාත්‍රියේ නාවික හමුදාව එම  සෝදිසි මෙහෙයුමක ක්‍රියාත්මක කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සදහන් කළේ ය.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව හා ධීවරයින් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට පියවර ගෙන තිබේ.