අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) බැංකුගත කෙරේ

අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) බැංකුගත කෙරේ

by Staff writer 26-03-2026 | 9:49 AM

COLOMBO(News1st) - අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ මේ මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (26) බැංකුගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මාර්තු මාසයට අදාළව රුපියල් බිලියන 3.4කට ආසන්න මුදලක් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළේය. 
ඒ අනුව, පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට සහ දෙවන අදියරේ වැඩිහිටියන් 71,339 දෙනෙකුට මෙම දීමනා හිමි වනු ඇත. 

අදාළ ප්‍රතිලාභීන්ට තම දීමනාව අද (26) සිට සිය බැංකු ගිණුම් මඟින් ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.