ලෝක බලශක්ති අර්බුදය උඩු දුවයි...

ලෝක බලශක්ති අර්බුදය උඩු දුවයි, පිලිපීනයේ හදිසි තත්ත්වයක්...

by Staff writer 25-03-2026 | 8:10 PM

COLOMBO (News 1st) - ලෝකයේ රටවල් ගණනාවක්, පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සිය රටතුළ අඛණ්ඩ බලශක්ති සැපයුමක් පවත්වා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

පිලිපීනයේ තත්ත්වය....

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පිලිපීනයේ ජනාධිපති කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාකෝස් බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේ ය.

පිලිපීනයේ බලශක්ති ලේකම් ෂැරන් ගැරින් කියා සිටියේ වර්තමාන පරිභෝජන මට්ටම් මත පදනම්ව රටට දින 45 ක පමණ ඉන්ධන සැපයුමක් ඇති බවයි.

මේ අතර ගුවන් යානා ඉන්ධන හිඟය හේතුවෙන් ගුවන් යානා ගුවන් ගත කිරීමට නොහැකි වනු ඇතැයිද, පිලිපීන ජනාධිපතිවරයා බ්ලූම්බර්ග් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවේ තත්ත්වය....

ඉන්දන හිඟයක් ඇතිවිය හැකි යැයි පවතින භීතිය හමුවේ ඉන්දියාවේ ජනතාව නොසන්සුන්තාවයට පත්ව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇතිවි තිබෙන අතර ඇතිවිය හැකි නොසන්සුන්තාවය පාලනය සඳහා පොලීසිය කැඳවා ඇත්තේ ඒ අනුවයි.

බංග්ලාදේශයේ තත්ත්වය....

බංග්ලාදේශය විසින් ගුවන් යානා ඉන්ධන මිල 79% කින් විශාල ලෙස ඉහළ නංවා ඇති බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙය, මෙම මාසය තුළ මිල වැඩි කළ දෙවන අවස්ථාවයි.

බංග්ලාදේශයේ විවිධ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම්ද ඇතිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ තත්ත්වය....

මැදපෙරදිග යුදමය වතාවරණය හමුවේ, ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල පසුගිය කාලය තුළ අවස්ථාවන් කිහිපයකදී ඉහළ දැමීය.

ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග ඉන්ධන සඳහා බදු සහන ලබා දීම පිළිබඳවද ඕස්ට්‍රේලියාවේ අවධානය යොමුව ඇත.

චිලී රාජ්‍යයේ තත්ත්වය....

පවතින තත්ත්වයන් හමුවේ, චිලී රාජ්‍යයේ ඉන්ධන මිලද සීග්‍රයෙන් ඉහළ දැමීමට එරට බලධාදාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව හෙට (26) සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් මිල 30% කින් සහ ඩීසල් මිල 60% කින් ඉහළ නැන්වෙනු ඇත.

විදෙස් මාධ්‍ය  අද (25) වාර්තා කළේ, මෙය චිලී ඉතිහාසයේ සිදුවූ විශාලතම ඉන්ධන මිල සංශෝධනය ලෙසයි.