.webp)

එහි සභාපති රාජ් ඔබේසේකර පැවසුවේ, එම කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණයත් සමග ජනතාව ආහාර තොග රැස් කිරීමට පෙළෙඹීම එම තත්වයට හේතුවී ඇති බවයි.
මේ අතර මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ සතියේ මෙරට තේ වෙන්දේසියේදී යම් පසුබෑමක් වාර්තා වුවද ඊට පසු පැවති තේ වෙන්දේසිවලදී තේ මිල හා තේ ඉල්ලුම යථා තත්ත්වයට පත්වූ බව සභාපතිවරයා පෙන්වා දෙයි.
පසුගිය සතියේ වෙන්දේසියේදී තේ කිලෝ ග්‍රෑමයක විකුණුම් මිලෙහි සාමාන්‍යය දැක්වුණේ රුපියල් 1153ක් ලෙසයි. සාමාන්‍ය වෙන්දේසියකදී ඉතිරිවන තේ ප්‍රමාණය සමස්ත වෙන්දේසියෙන් සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයක්. මේ වනවිට වෙන්දේසිවලදී ඉතිරිවන තේ ප්‍රමාණය එම අගයට සමාන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හා ඒ ආශ්රිත ගැටුම් හේතුවෙන් කුවේටය, සෞදි අරාබිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයකට තේ අපනයනය ඇණහිට ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර මහතා පවසයි.
කෙසේවෙතත්, මැදපෙරදිග කලාපයේ සෙසු රටවලට විකල්ප මාර්ග ඔස්සේ තේ අපනයනය මේ වන විට ආරම්භ කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව තුර්කිය සහ ඉරාකය ඇතුළු රටවල් කිහිපයකට මේ වන විටත් තේ තොග සැපයීම ආරම්භ කර තිබේ. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට තේ වෙළඳපොළට එල්ල වී ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.
මේ අතර තේ වගාව සඳහා පොහොර නිකුත් කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, මාස තුනකට සරිලන පොහොර තොග ගොවීන් වෙත සැපයීමට සැලසුම් කර ඇත. මීට අමතරව තේ කර්මාන්තශාලා සදහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
