එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතයේ වෙනසක් නැහැ

මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක්

by Staff writer 25-03-2026 | 10:17 AM

CIOLOMBO(News1st) - එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.75 ලෙස නොවෙනස්ව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ, ඊයේ (24) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීය.
 

දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පැනනගින අවිනිශ්චිතතාවන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කළේය. 

නවතම දත්ත සහ පවතින අවිනිශ්චිතතාවන් සැලකිල්ලට ගෙන, 2026 වසරේ දෙවන කාර්තුව වන විට උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇතැයි ද මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.