QR කේතය නීති විරෝධීව භාවිත කළ පිරිස් සොයා විමර්ශන

QR කේතය නීති විරෝධීව භාවිත කළ සැකකරුවන් සොයා විමර්ශන

by Staff writer 23-03-2026 | 8:44 AM

COLOMBO(News1st) - QR කේතය නීති විරෝධීව භාවිත කළ සැකකරුවන් සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයා හරහා පරිගණක අපරාධ අංශයට යොමුකර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් දැනට විමර්ශන ආරම්භ කර ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 153ක්.

පැවැති ගිණුම අවලංගු කර නැවත නව ගිණුමක් ලබාගැනීම සඳහා ලබාදුන් අවස්ථාව යටතේ එම අක්‍රමිකතා සිදුව ඇතැයි නිව්ස්ෆස්ට්හි රශ්මික පොල්පිටිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුදුසු රත්නායක ඒ බව සඳහන් කළේය.