.webp)
-612895.jpg)
ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සෞදි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වන අදාළ ගුවන් කඳවුරේ මෙහෙයුම් රාජකීය සෞදි ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන බවයි..
අදාළ කඳවුරේ අමෙරිකාවට අයත් ඔත්තු බැලීමේ ගුවන් යානයක් ස්ථානගත කර තිබූ බවත්, එය ඉලක්ක කොට බැලස්ටික් මිසයිල දියත් කළ බව ඉරානය පවසයි.
බහරේනයේ මුලස්ථානගතව, පර්සියන් බොක්ක , රතු මුහුද, අරාබි මුහුද සහ නැගෙනහිර අප්‍රිකාවෙන් ඔබ්බට වූ මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇති, අමෙරිකාවේ පස්වැනි නාවික බලඇණියද ඉරානයේ තවත් ඉලක්කයක් වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
කෙසේ නමුත් ඉරානයේ මෙම ප්‍රකාශවලට අමෙරිකාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
