කිසිම රටකට බලශක්ති අර්බුදයෙන් මිදිය නොහැකියි!

ලෝකයේ කිසිම රටකට බලශක්ති අර්බුදයෙන් මිදිය නොහැකියි - ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ

by Staff writer 23-03-2026 | 11:10 AM

COLOMBO (News 1st) - මැදපෙරදිග අර්බුදය හමුවේ, ලෝකයේ කිසිඳු රටකට බලශක්ති අර්බුදයේ බලපෑමෙන් මිදිය නොහැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාටී බිරෝල්  පවසයි.

ඔහු සඳහන් කරන්නේ, යුද්ධය හේතුවෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැමීම හේතුවෙන්,
දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11ක් පමණ ලොවට අහිමි වන බවයි.

මේ හේතුවෙන් ලෝකයේ කිසිඳු රටකට බලශක්ති අර්බුදයේ බලපෑමෙන් මිදිය නොහැකි බව, ඔහු සඳහන් කරයි.