ලොව පුරා ජීවත්වන අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්..

ලොව පුරා ජීවත්වන අමෙරිකානුවන්ට අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් යළි අනතුරු ඇඟවීම්..

by Staff writer 23-03-2026 | 9:15 AM

COLOMBO(News1st) - ලොව පුරා ජීවත්වන අමෙරිකානුවන්ට අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව යළි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ලොව පුරා,ජීවත් වන අමෙරිකානුවන් සහ විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ජීවත් වන අමෙරිකානුවන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව එහි සඳහන්.

විවිධ අවස්ථාවලදී විවිධ රටවල ගුවන් අවකාශ වසා දැමිය හැකි බවත්, මැද පෙරදිග සහ ඉන් පිටත අමෙරිකානු තානාපති කාර්යාල ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිලි ඉලක්ක බවට පත්ව ඇති බවත්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව ලොව පුරා ජීවත්වන අමෙරිකානුවන් හෝ අමෙරිකාවට සම්බන්ධ පුද්ගලයින්, ඉරානයට සහාය දක්වන කණ්ඩායම්වල ඉලක්ක බවට පත්විය හැකි බවත් අදාළ අනතුරු ඇඟවීමේ සඳහන්.