හෝමූස් පිළිබඳ ඉරාන ආරක්ෂක කවුන්සිලයෙන් නියෝගයක්.

මිතුරු රටවල් සදහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම ගැන ඉරාන ආරක්ෂක කවුන්සිලයෙන් නියෝගයක්.

by Staff writer 23-03-2026 | 3:45 PM

COLOMBO (News 1st) - මිතුරු රටවල් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් ඉරානය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉරානයේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මිතුරු රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ හැකි එකම ක්‍රමය වන්නේ ඉරානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පමණක් බවයි.

එසේම ඉරාන වෙරළ තීරයට හෝ දූපත්වලට ප්‍රහාර එල්ල කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ සියලු ප්‍රවේශ මාර්ග සහ වෙරළබඩ ප්‍රදේශවල සිට ඒවාට මුහුණ දීමට සිය හමුදා සූදානම් බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත්, හෝමුස් සමුද්‍ර සන්ධියට අමතරව මුළු පර්සියානු ගල්ෆ් කලාපයම අවහිර වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.