අද(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට...

අද(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට...

by Staff writer 23-03-2026 | 7:30 PM

COLOMBO(News 1st) - අද(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.19% කින් ඉහළ දමා තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් බවයි.

එය රුපියල් 3 ක වැඩිවීමක්.

එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල් 2422 ක් දක්වා ඉහළ දමා තිබේ.

එය රුපියල් 263ක වැඩිවීමක්.