.webp)

මෙවර එහි තේමාව, ජලය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යන්නයි.
එය ප්‍රකාශයට පත්කර ඇත්තේ, ලෝක ජල අර්බුදය හමුවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් මුහුණ දෙන අසමානතාවන් අවම කර, ජල කළමනාකරණයට ඔවුන් ලබාදෙන දායකත්වය ඇගයීමේ අරමුණින්.
ලොව පුරා පුද්ගලයින් බිලියන 2.1 ඉක්මවූ පිරිසකට මේ වන විට පිරිසිදු පානීය ජලය හිමිවන්නේ නැහැ.
එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනූව ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ග වලින් ය.
ගංඟා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර, අසල්වැසි රටවල් සමඟ බෙදා ගන්නා රටවල් සංඛ්‍යාව, 153 කි.
ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක්වත් බරපතල ජල හිඟයකට මුහුණ දෙන බව, පරිසර සංවිධාන පෙන්වා දෙයි.
