දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ගන්න අවසර

බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට අවසර

by Staff writer 20-03-2026 | 10:15 PM

COLOMBO (News 1st) - මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් මේ මස 23 වැනිදා පෙරවරු 10.00 ට බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියෝග කළේ ය.  

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීමට, රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරනු ලබයි.