.webp)

ඒ, සැකකරුවන් ZOOM තාක්ෂණය ඔස්සේ වත්තල වැඩබලන මහේස්ත්‍රාත් එරංගා සිරිසේන හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට 2015 ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකට අනූව සැකකරුවන්ට එරෙහිව නඩුව පවරා තිබේ.
විජයකලා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරියට අයත් කොළඹ පිහිටි ඉඩමක ලිපිනයක ඔවුන් පවත්වාගෙන ගිය සමාගමක් නමට සුවඳ විහිදුම් ද්‍රව්‍ය සහ පිරිසිදු කාරක නිෂ්පාදනය සදහා යැයි පෙන්වා සුරාබදු බලපත්‍රයක් ලබාගෙන එමගින් එතනෝල් ලීටර් ලක්ෂයක් මිලදී ගෙන ඒවා වෙනත් කටයුතු සදහා යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය විය.
සතොස ලොරියක් යොදා ගනිමින් අවස්ථා තුනකදී එතනෝල් ලීටර 40,000 ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ, රාජ්‍ය දේපල සාවද්‍ය පරිහණය යටතේ ය.
