පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට...

කුලියාපිටියේදී පුද්ගලයෙකුට හෙල්මට් එකකින් පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට...

by Staff writer 19-03-2026 | 8:30 PM

COLOMBO (News 1st) - කුලියාපිටිය නගරයේ වටරවුමකදී පුද්ගලයෙකුට යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුමෙන් පහරදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, වටරවුමකදී ක්‍රියාත්මක කෙරෙන දකුණේ නීතිය කඩ කරමින් යතුරු පැදියෙන් මාර්ගයේ ඉදිරියට ගමන් කළ සැකකරු ඊට විරෝධය පළ කළ පුද්ගලයාට සිය ආරක්ෂිත හිස් වැසුමෙන් පහරදී ඇති බවයි.

පහරදීම පටිගත කළ වීඩියෝ පටයක් සාමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය විය.

පසුව පොලීසිය කළ විමර්ශනයකින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.