කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්:

"අද (19) පස්වරු 1න් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි" - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 19-03-2026 | 11:24 AM

COLOMBO(News1st) -  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(19) පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. 
 

උතුරු සහ නැගෙනහිර පළාත්වලද උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි වේ. 
 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.