Online දේශන වැඩි කරන්න - UGC

Online දේශන වැඩි කරන්න - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

by Staff writer 18-03-2026 | 7:56 AM

COLOMBO(News1st) - විශ්වවිද්‍යාලවල මාර්ගගත දේශන පැවැත්වීම වැඩි කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සියලු උපකුලපතිවරුන්ට දැනුම් දී තිබේ.

එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ ක්ෂේත්‍ර චාරිකා කල් දමන ලෙසද උපදෙස් දී ඇති බවයි.